සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා මේ මස 05 වැනිදා සිදුකිරීමට නියමිත වැඩවර්ජනයට සහයෝගයක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
මීට අමතරව වෙසක් පොහෝ දිනයෙන් පසු සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගයකදී තම සංගමයද වැඩවර්ජනයක් දියත් කරන බවද එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කළහ.