සයිමට් වසා දමන ලෙස ඉල්ලා සිදුකරන අරගලයට පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
මේ අනුව සයිටම් විරෝධී පොස්ටර් බස් රථවලට ප්රදර්ශනය කරමින් මූලික වශයෙන් මෙම විරෝධතාව ආරම්භ කරන බවද එම සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියංජිත් මහත් සඳහන් කළේය.
මීට අමතරව සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සයිටම් විරෝධී කණ්ඩායම විසින් සිදුකරන උද්ඝෝෂණවලට හා විරෝධතාවලට බස් හිමියන් එකතුවී සහයෝගය ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.