සයිටම් ආයතනය රාජසන්තක කරන තැනට පත් කිරීම සඳහා ඉදිරි දෙසතිය තුළදී රට තුළ දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව ක්ෂේත්‍ර 08 ක් සම්බන්ධ කරගෙන ඉදිරි වැඩවර්ජනය දියත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මීට අමතරව විදේශ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගැනීම සඳහා පවත්වන විභාගය අධීක්ෂණය කිරීමෙන් ඉවත්ව සිටීමටද වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි ඔහු පවසා සිටියේය.
ඊයේ (25දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, ජනතාව ප්‍රතික්ෂේප කළ එස්.බී. අමාත්‍යවරයා සයිටම් ආයතනය රැකගැනීම සඳහා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල අඩුපාඩු කියමින් සිටින බවයි.
'එස්' තුන ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන බවට එස්.බී. අමාත්‍යවරයා පවසන බවත්, එම ප්‍රකාශය හිටපු උසස් අධ්‍යාපන ඇමති තනතුරට නොගැළපෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
කිසිදු වෛද්‍ය විද්‍යාලයක එස් තුන ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොමැති බවද ඔහු කීය.
තවද එස්.බී. ඇමතිවරයා රජරට හා නැගෙනහිර වෛද්‍ය විද්‍යාලවල මහාචාර්ය අඩුපාඩු පිළිබඳ කතා කරන බවද වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මහාචාර්යවරුන්ගේ ප්‍රමාණය පිළිබඳ අඩුපාඩු තිබිය හැකි බවත්, එහෙත් ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කටයුතු සඳහා මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණුව ලබන ශික්ෂණ රෝහල්වලද මහාචාර්ය මට්ටමේ දැනුමැති විශේෂඥ වෛද්‍යවරුන් සිටින බවත් හෙතෙම කියා සිටියේය.