සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද (27දා) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා සිටියි.
එහි මෙසේද සඳහන් වේ,
“සයිටම් යනු පසුගිය ආණ්ඩුව විසින් පිහිටුවන ලද ආයතනයක් යැයි වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විටින් විට කීවද, එය ආණ්ඩුවක් විසින් ආරම්භ කරන ලැබූවක් නොවන එම ආයතනයේ හිමිකරුවන් විසින් ආරම්භ කරන ලද පුද්ගලික ව්‍යාපාරයකි.
එසේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකිය.
ඒ අනුව මෙම ගැටලුව සියලු පාර්ශ්වවලට සාධාරණයක් ඉටුවෙන පරිදි ඉතා ඉක්මනින් සමථයකට පත්කළ යුතුව තිබේ. “
