සයිටම් අහෝසි කර දමන බවට ආණ්ඩුව පොරොන්දු වුවත් ඇමතිවරුන් කිහිපදෙනෙකු විසින් වෙට්ටුවක් දමා සයිටම් නීතිගත කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව සයිටම් ආයතනයේ ඉගෙනගත් කිහිපදෙනෙකු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරගැනීම සඳහා වෛද්‍ය සභාව නීතිවිරෝධී ලෙස උත්සාහ කරමින් සිටින බව එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය
පොරොන්දු වූ ආකාරයට සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, වෛද්‍ය ශිෂ්‍යයන් හා වෘත්තීය සමිති එක්ව අද (04දා) වෛද්‍ය සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය
එම අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඡයාරූප - ඒශාන් ප්‍රනාන්දු