සමෘද්ධි ලාභීන්ට නිවාස අලුත්වැඩියා කිරීමට ලබාදුන් රුපියල් 2500ක දීමනාව අයකිරීම නවත්වන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.
පසුගිය ජනපතිවරණයට ආසන්න කාලයේදී මෙම ණය මුදල ලබාදුන් බවත් ලක්ෂ 11ක් පමණ එම ණය මුදල් ලබාගෙන ඇති බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවැසිය.
වාරික 10ක් යටතේ මෙම ණය මුදල් අය කර ගැනීමට නියමිතව තිබුණත් එය අයකිරීම නවත්වන ලෙසට ජනපතිවරයා නියෝග කළේ ස්ථිරවද යන්න දැන්ම ප්රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.