කිසියම් වූ හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ නොදෙන බව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
එසේම කිසිම දිනක සමෘද්ධි බැංකුව පාඩු ලැබිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි නිලධාරි හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.
“මොනම හේතුවක් නිසාවත් සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරා ගැනීමට මම ඉඩ දෙන්නේ නැහැ.එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙක් සැකයක් බයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මට දුන්න වගකීම මම උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.
මම සේවකයාගේ රස්සාවේ ස්ථිරභාවය ආරක්ෂා කරන්නම්, කළමනාකරුවන්ගේ ස්ථිර භාවයත් විශ්‍රාම වැටුපත් ඇති කරන්නම්. හැබැයි වැඩ කිරිම තියෙන්න ඕනේ, ආයේ සමෘද්ධි බැංකු පාඩු ලබන්නත් බැහැ, බැංකුව පාඩු ලැබුවොත් කළමණාකරුත්, අධ්යක්ෂකත් වගකිව යුතුයි. එහෙම පාඩු ලබන්න බැහැ. අලුතින් හිතන්න ඕනේ.”