සමෘද්ධි බැංකුවේ කටයුතු වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා නව කළමනාකරණ කමිටුවක් පත් කිරිමට යෝජනා වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය.
අද (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"එහි ප්‍රධානියා ලෙස ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීමට නියමිතයි. සමෘද්ධි බැංකුවේ කටයුතු වීමට වඩා හොඳින් නියාමනය කළ හැකි බව මහ බැංකුවේ විශ්වාසයයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව දිගු කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා" යැයි ඔහු පැවැසීය.