ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය අතර සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරුණු බව නාවික හමුදාව පවසයි.
මෙම ගිවිසුම මගින් ඉන්දියන් සාගරය ආශිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරේ.
මෙහිදී, නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී, ජොඈන් ඩූන්වර්ඩ් මැතිනිය සහ ශ්‍රීලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා සහනෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා රජයක් විසින්, විදේශීය රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම් සම්බන්ධයෙන් ඇතිකර ගත් පළමු අවබෝධතා ගිවිසුම මෙය බවට සනිටුහන් වීම විශේෂත්වයකි.