සමාජ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබදව සබරගමුව පළාත් සභාවේදී අද (27දා) පැවැති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 7 කින් පරාජයට පත්වී ඇත.
ඡන්ද විමසීමෙදී ආන්ඩු පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් 20 ක් එම පනතට විරුද්ධවත්, විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් 07 දෙනෙකු පක්ෂවත් ඡන්දය ප්රකාශ කර තිබේ.