ඉදිරි දෙසතිය තුළ සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් හා විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
මෙම රැස්වීම කැඳවීමට ප්‍රධාන හේතුවවී තිබෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටිනවාද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා ය.
මෙම රැස්වීම් දෙක තුළදීම තවදුරටත් ආණ්ඩුව සමග සිටිය යුතු බවට තීරණයක් ගතහොත් පාර්ලිමේන්තුවේ ඉදිරි නිලකාලය තුළදීම සම්මුතිවාදී ආණ්ඩුව තුළ රැඳී සිටින ආකාරයට තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තාවේ.
සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට තීරණයක් ගතහොත් දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ්රීකා නිදහස් පාක්ෂිකයන්ට හිමි සියලුම අමාත්‍ය ධුරවලින් ජනවාරි පළමු වැනිදා වනවිට ඉවත්වීමට තීරණයක් ගැනීමටද නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ සමග සම්මුතිවාදී ආණ්ඩුවක් සකස් කිරීමේ ගිවිසුම දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ.