ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (22දා) සවස ගල්කිස්සේදී මෙම මධ්‍යස්ථානය වටලා ඇත. එම ස්ථානයේ කළමනකරු හා ගණිකා වෘත්තියේ යෙදුණු ගල්කිස්ස හා බෙන්තර පදිංචි අවුරුදු 27ක හා 34ක සැකකාරියන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.