සංඝරත්නය අතරේ අසමගියක්, ගැටුමක් හෝ විවාදයක් ඇති නොවන අයුරින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අවවාද, අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පනත අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය දින කිහිපය තුළ ඇතිවූ විවාදාත්මක තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් ඉදිරියට කල් දමන ලෙසත්, නැවතත් සියලූම මහා නා හිමිවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් තමා බුද්ධ ශාසන අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ පේරාදෙණිය, ගොඩගන්දෙණිය, ඓතිහාසික කුරුකුදේ පුරාණ විහාරස්ථානයේදීය.
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටුකළ යුතු සියලූ වගකීම් ඉටු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම තම රජය කැපවී සිටින බවත් එසේඋවද ඇතැම් උදවිය විවිධ මාධ්‍ය ඔස්සේ ඉතා අසත්‍ය මෙන්ම පිළිකුල් සහගත ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
සම්බුද්ධ ශාසනයේ උතුම් කේන්ද්රස්ථානවන අස්ගිරි, මල්වතු පාර්ශවයන් ගැන කරන ප්‍රකාශ පිලිබඳව තමා දැඩිව කණගාටු වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.