- සිවාජිලිංගම් වෙනම මහවිරුවන් සමරයි
අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාවගේ 08 වැනි සැමරුම් උත්සවය අද (18දා) මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මියගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය පැවැති අතර, එහිදී උතුරු ප්‍රධන අමාත්‍ය ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා උතුරු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.
මෙහිදී උත්සව අවස්ථාවට සහභාගි වූ සියලුදෙනා අවසන් යුද්ධයේදී මියගිය පිරිස් වෙනුවෙන් විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා, පහන් දල්වා මියගිය අයට සෙත්ශාන්ති පැමිණ වීම සිදුකළහ.
එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් රැස්ව සිටි පිරිස් ඇමතූ අතර, උතුරු ප්‍රධාන අමාත්‍යවරයා විසින් මියගිය වැසියන් ශෝක පණිවුඩය ප්‍රකාශයට පත්කෙරිණි.
මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්කලනාදන්, ශිවසක්ති ආනන්දන් ඇතුළු උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුද, මියගිය ඥාතීහු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මේ අතර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් ඇතුළු ප්රජාතන්ත්රවාදී සටන්කාමී පෙරමුණේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමග මුල්ලිවයික්කාල් සැමරුම් ස්ථානයට නුදුරින් වෙනම සැමරුම් උත්සවයක් පැවැත්විණි.
මුල්ලිවයික්කාල්හිදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරිම වළක්වාලමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17දා) තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.
සිවාජිලිංගම් මහ විරුවන් සැමරීම