ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත්වීමේ වුවමනාව තිබුණද ඇමැතිකම් නැතිවීමේ බියකින් පසුවන බවද හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය.
කඩවත පැවැති ඒකාබද්ධ පොදුන පෙරමුණේ පළමු මැතිවරණ ප්රචාරක රැලියට එක්වෙමින් ඒ මහතා එසේ පවසා සිටියේය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණයක් අනුව ආණ්ඩුව සමග එක්ව සිටි දෙවසරක කාලය අවසන් වී තිබියදිත් පක්ෂයේ පිරිස් කොන්ද කෙලින් තබාගෙන තීරණයක් ගතනොහැකිව බලා සිටින බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.
වැට් බදු,තීරු බදු, රේගු බදු ආදී බදු වර්ග පැනවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවලදී ද කොන්ද කෙලින් තබාගෙන තීරණ ගැනීමට ශ්‍රීලනිප ඇමතිවරු අපොහොසත්වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.