ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (21 දා) සවස දේව කන්නලව්වක් කිරීමට සීනිගම දෙවොල් දේවාලයට පැමිණියේය.
ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා තමාට නගා ඇති චෝදනාවක් සම්බන්ධයෙන් දෙවියන්ට කන්නලව් කිරීමට එහි පැමිණි බව කී මහ ඇමැතිවරයා එම මන්ත්‍රීවරයා වැරදිනම් ඔහුට දඬුවම් දෙන ලෙසත් තමා වැරදි නම් තමාට දඬුවම් දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සීනිගම මුහුද මැද දේවාලයට ගොස් මිරිස් ඇඹරීම සිදුකර පොල් ගැසීම සිදුකළා.
පළාත් සභාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ප්‍රධාන ඇමතිට චෝදනා නගා ඇතැයි කියති.
ගෝනපීනුවල දයා සිරිල්