ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමගිය අවශ්‍යද යන්න තීන්දු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්රමුඛ මන්ත්‍රී කණ්ඩායම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, සිය නිල නිවසේ පසුගියදා (01දා) පැවැති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී හමුවකදීය.
එ.ජා.ප.ය. සමග සබඳතා පවත්වන කිසිදු ශ්‍රීල.නි.ප. රජයකට සහාය නොදීම තමන්ගේ ස්ථිරසාර ප්‍රතිපත්තිය බැවින් මෛත්‍රී හිතවාදීන් එ.ජා.ප.ය සමග සිටිනතාක් සමගියක් ගැන කතා කිරීම නිෂ්ඵල යැයි ඔහු සඳහන් කළේය.
එම නිසා දෙපක්ෂය අතර සමගියක් අවශ්‍ය නම් ශ්‍රී ල.නි.ප. - එ.ජා.ප. හවුල් ආණ්ඩුවේ ඇමැතිකම්වලින් ඉවත්වීම හෝ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම යන විකල්ප දෙකින් එකක් තෝරාගත හැකි යැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
“දැන් පන්දුව එයාලා අතේ. ඒ පන්දුවෙන් ක්‍රීඩා කරන ආකාරය ඔවුන් තීන්දු කළ යුතුයි” යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
සංජීවිකා සමරතුංග (ඉරිදා දේශය)