තම සබ්මැරීන කොළඹ වරායේ නැංගුරම් ලෑම අසාමාන්‍ය කරුණක් නොවන බව චීනය සඳහන් කරයි.
චීන ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ෂිංහුවා පුවත් සේවය සඳහන් කරන්නේ සාමාන්‍ය අභ්‍යාස සඳහා චීන සබ්මැරීන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
චීන නාවික ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ වර්ධනය වීම පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමුව තිබෙන අතර, ඒ පිළිබඳව ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂ අංශ සාමාජිකයන් සමගද සාකච්ඡා පැවැත්වීය.
චින නාවික හමුදාවට අයත් සබ්මැරීන දෙකක් පසුගිය සිකුරාදා දිවයිනට පැමිණියේය.