නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවූ ආපදා තත්ත්වය නිසා සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද (21) සහ හෙට(22) යන දිනවල වසා තැබෙන බව සබුරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසයි.
මේ අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල පාසල් වසා තැබෙන බව වාර්තා වෙයි.
එමෙන්ම ආපදා සහිත ප්‍රදේශවල පාසල් විවෘත කිරීම හෝ වසා තැබීමේ තීරණ විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම බලධාරීන්ට දැනුම් දී ඇත.