සන්ධාන මාධ්‍ය සාකච්ඡාවට ලේකම් සුසිල් නොඑයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දෛනිකව පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාව සඳහා ඊයේ (30දා) සහභාගිවීමට නියමිතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිස සහභාගී නොවීම නිසා ප්රවෘත්ති සාකච්ඡාව අවලංගු කර දැමීමට කටයුතු කෙරිණි.
ඊයේ (30දා) පෙ.ව. 11.30 මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මාධ්‍ය දැනුම්වත් කර තිබූ අතර, මේ නිසා ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ. එහෙත් දහවල් 1.00 ක පමණ වනතෙක් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිස නොපැමිණීම නිසා ප්රවෘත්ති සාකච්ඡාව කල්දැමූ බව සංවිධායකවරු ප්‍රකාශ කළහ.
ප්රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩීව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඒ.ජේ.එම්. මුසම්මිල් මහත්වරු පක්ෂ කාර්යාලයට පැමිණ සිටියත් ඔවුන්ද පසුව එම ස්ථානයෙන් පිටත්ව ගිය බව වාර්තා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

