සන්ධාන මන්ත්‍රී වසන්තගේ එජාප ගමන නවතී?
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත සේනානායක මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එකතු වනු ඇති බවට වාර්තා පළ වීම නිසා ඔහුට දැදිගම ආසන සංවිධායක තනතුර පිරිනමා ශ්‍රි.ල.නි.ප.ය තුළ රඳවා ගැනීමට ඊයේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ඒ මහතා ළඟදීම එක්සත් ජාතික පක්ෂ නායකයන් හමුවී තම සහාය එම පක්ෂයට ලබාදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එය ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමගම සිදුවනු ඇති බවත් මීට පෙර පැවසිණි.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මී මුණුබුරෙකු වන වසන්ත සේනානායක මහතා, පසුගිය 2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ තරග කර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහු මෑතක සිට රජයේ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනයට ලක්කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වසන්ත සේනානායක මහතාගේ අවසන් තීරණය තවමත් ප්‍රකාශයට පත්වී නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

