කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසි විටෙකත් නොවිකුණන බවත් සතොස ශාකා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100ක් අමාත්‍යාංශය වැයකළ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (24දා) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහහස් දැක්වීය.
වර්තමානය වන විට ලංකා සතොස ආයතනයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30ක් පමණ වන බවත් ඔහු පැවැසීය. එසේම සතොස අලෙවිසැල් ජාලය 377ක් දක්වා වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.