හෙට (12දා) සිට ප්‍රමිතියෙන් යුතු සුදු සහ රතු බිත්තර රුපියල් 11 ක මුදලකට ලක් සතො.ස. මගින් මිලදී ගන්නා බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනය කර තිබේ.
බිත්තර මිල ස්ථාවර කරදෙන ලෙස බිත්තර නිෂ්පාදකයන් කළ ඉල්ලීමක් සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.