සතියකින් රැකියා 20000ක්
මෙම සතිය ඇතුළත ආරම්භ කරන කර්මාන්ත ව්‍යාපෘතිවලින් රැකියා විසිදහසක් නිර්මාණය වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(05දා) පැවසීය.හොරණ රබර් කර්මාන්ත ශාලාවක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමින් අගමැතිවරයා කියා සිටියේ මෙය වාර්තාවක් බවයි.
අගහරුවාදා පන්නල කුලියාපිටියේ ආරම්භ කළ කර්මාන්ත ශාලාව,අද දින ආරම්භ කළ හොරණ ටයර් කර්මාන්ත ශාලාව,හෙට දින ආරම්භ කරන කොග්ගල කර්මාන්ත ශාලාව,අනිද්දා ආරම්භ කරන රුහුණ මූලික කලාපය යන කර්මාන්ත කලාප හතරෙන් මෙම රැකියා විසිදහස නිර්මාණය වන බවද ඒ මහතා කීය.
අද ආරම්භ කළ රබර් කර්මාන්ත ශාලාවෙන් රැකියා 3000ක් නිර්මාණය වන බවද හෙතෙම පවසා සිටියේය.තමා කර්මාන්ත ඇමතිවරයාව සිටි සමයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහන යටතේ එක් සතියකට උපරිමයෙන් කර්මාන්ත ශාලා 04ක් පමණක් ආරම්භ කළ බවත්,එමගින් රැකියා 2000ක් පමණක් බිහිකළ බවත් කී වික්‍රමසිංහ මහතා මෙවර එවැනි රැකියා දසගුණයක් නිර්මාණය වන බවද කියා සිටියේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.













