නව රජයට ලැබුණ ජනතා වරමත් සමග දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අව්‍යශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඒ සඳහා දෙමළ ජනතාවගේ දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡාකරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසිවාරය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. එසේම මෙම කටයුතු සිදුකිරීමේදී අධිකරණයේ හා පරිපාලනයේ වෙනස්කම් කිරීම අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ඒ හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට හැකිවෙනවා මෙන්ම දූෂණ හා අක්රමිතාද අවසන් කළ හැකි බව ඔහු සඳහන් කළේය.
මානව හිමිකම් කඩවීම් පිළිබඳව සෙවීම සඳහා දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව කටයුතු කරමින් සිටින බවත්, සත්‍ය සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.මේ සඳහා ආකාර දෙකකින් කටයුතු කරන බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන් එකක් වන්නේ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල්හි සහයෝගයෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කරමින් කටයුතු කිරීම බවත් සඳහන් කළේය.
අනෙක් කරුණ නම් අතුරුදන්වූවන්ගේ සාක්ෂි ලබාගෙන කටයුතු ඒ හරහා කටයුතු කිරීම බවත් ඔහු සඳහන් කළේය.