පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්ව මේ වන විට සිය ඉරියව් නිවරදි කරගෙන සිටින සචිත්ර සේනානායකට ලෝක කුසලාන තරගාවලියට ක්රීඩා කිරීමට හැකිවෙනු ඇති බවත ශ්රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා පැවැසීය.
"සචිත්ර දැන් ගොඩක් වැඩකරලා තියෙනවා. ඔහු ගොඩක් දුරට සාර්ථක වෙලා තියෙනවා. නැවත පරීක්ෂණයකට යවන්න කලින් ඔහුව අපේ කමිටුවේ අනුමැතිය ලබාගන්න ඉන්නේ. දැන් තියෙන තත්ත්වයට සචිත්රට ලෝක කුසලානයට සෙල්ලම් කරන්න පුළුවන්. සචිත්රට මේ පර්යේෂණය කරලා පාස් වෙන්න ඕන වෙලා තියෙනවා. නමුත් ඔහුව ලෝක කුසලානයට ප්රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන් විදියට හදන්න ඕන. ඔහු දැන් හරි කියලා අපිට තේරුණු වෙලාවට ඔහුව නිදහස් කරනවා." යැයි පියල් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.