නව රජයේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.ස්වර්ණපාල මහතා, බත්තරමුල්ල ,සෙත්සිරිපායේ 8වන මහලේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද දින(10) රාජකාරි භාර ගත්තේ ය. ඩී.ස්වර්ණපාල මහතාශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්.ඩී.එස් මල්කාන්ති මහත්මියද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.