දකුණු පළාත් සභාවට අද (27දා) ඉදිරිපත් කෙරුණු සංවර්ධන විශේෂ විධි විධාන පනත වැඩි ඡන්ද 19 කින් පරාජයට පත් වී තිබේ.
දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා විසින් එම පනත් සභාවට ඉදිරිපත් කළ අතර ඒ සදහා විපක්ෂව ඡන්ද 33 ක් හා පක්ෂව ඡන්ද 14 ත් ලැබී තිබේ.පක්ෂව ඡන්දය ලබාදී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් 14 දෙනා පමනකි.