කොළඹ හා ත්‍රිකුණාමලය වරයා සංවර්ධනය, මහනුවර නගරය පුළුල් හා නවීකරණය කිරීම, මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපල පුළුල් කිරීම ආදී සංවර්ධන කාර්යයන්හිදී ජපානයේ අත්දැකීම් මෙන්ම ආයෝජන සහයද ශ්‍රී ලංකාවට වැදගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවේදී අගමැතිවරයා මේ බව පැවැසීය.
ඊයේ (05දා) පැවැති සාකච්ඡාවලදී ජපානයේ ආධාර ඇතිව ඉදිකෙරෙන පාවෙන ද්‍රව වායු බලාගාරය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම ජනවාරි මාසයේ තුන්වන සතිය වන විට සිදු කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය කෙරිණි.