දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ, මේ දක්වා නිමකර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 04 ක මුදලක් මුදා හැරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කොට තිබේ. අමාත්‍යංශය හරහා මහා භාණ්ඩාගාරය අද (20දා) සිදු කර ඇති මෙම මුදාහැරීමත් සමඟ ඉකුත් දෙසතිය තුළ සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් මුදා හැර ඇති මුලු මුදල රුපියල් බිලියන 08 කි.
මෙම මුදල් මුදා හැරීමත් සමඟ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාලව, දිස්ත්‍රික් ලේකම්වරුන් අතරැදි බිල්පත් සියල්ල ගෙවා නිම කිරීමට හැකිවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි. දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවීම් අවසන් කිරීම වෙනුවෙන් ඉදිරි කාලසීමාවේ දී තවත් රුපියල් බිලියන 23 ක මුදලක් අවශ්‍ය වනු ඇත. මෙම මුදල් අදාළ ව්‍යාපෘති නිමවන ආකාරය අනුව මහා භාණ්ඩාගාරය ඔස්සේ මුදා හැරීමට පියවර ගන්නා බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි.