දිවයිනේ ඇතැම් ප්‍රදේශ සඳහා සංචාරය කිරීමේදී විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ සඳහා උපදෙස් ලබා තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීම අද (16දා) ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එසේම උතුරු පළාතට යුද්ධායුද/ වෙඩි ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළි වලට සමාන රෙදි වර්ග, දුරදක්නද නැගෙනහිර පළාත සඳහා යුද්ධායුද හා වෙඩි ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය යන දෑ හැර එම පළාත්වලට ප්‍රවාහනය කිරීමට තහනම් කර තිබූ අනෙකුත් ද්‍රව්‍ය තහනමකින් තොරව ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනපතිවරයා ආරක්ෂක මණ්ඩලයට පවසා ඇත.