සංචාරකයන් ලක්ෂ 2ක් ශ්‍රී ලංකාවේ රැකියාවල
සංචාරක වීසා මත ශ්‍රී ලංකවට පැමිණි විදේශකියන් ලක්ෂ 2ක් පමණ ශ්‍රී ලංකාවේ විවිධ රැකියාවල නිරත වන බවත් ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.ඒ පිළිබඳව තමන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබෙන බවත් ඔහු පැවැසීය.
බත්තරමුල්ල සෙත්සරිපායේ නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට අද (24දා) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහහස් දැක්වීය. එසේම මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ අන්තර් ජාතික මූල්‍ය ආයතනවල සමීක්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් පෙන්වා ඇත්තේ සංචාරක හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර දෙකේ පමණක් බවයි.
නාගරික සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශයේ ව්‍යාපෘති 100 කට ආසන්න ප්‍රමාණයකට අනුමැතිය දී තිබෙන බවත් ආසන්නයෙන් එය රුපියල් බිලියන 275 ක පමණ වටිනාකමකින් යුත් ආයෝජනක් බවත් එය පසුගිය වසරේ සමස්ත රාජ්‍ය ආයෝජනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
“ඉදිකිරීම් ක්ෂෙත්රයේ ගැටළු ගණනාවක් මේ වන විට පැන නැගිලා තිබෙනවා, ප්‍රධානම ගැටළුව ශ්‍රම හිඟය. ඉදිකිරීම් ක්ෂෙත්රයේත්, කෘෂිකර්ම ක්ෂෙත්රයේත් අති විශාල රැකියා ප්‍රමාණයක් තිබුණත්, ඒ සඳහා ශ්‍රමිකයන් නොමැති වීම ගැටලුවක්.
එම ක්ෂෙත්රවල සංචාරක වීසා මගින් මෙරටට පැමිණි ලක්ෂ දෙකක් පමණ අවට රටවල්හි විදේශිකයින් සේවය කරනවා. එමගින් අනාගතයේ වෙනස් ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ ද ඇතිවිය හැකියි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

