මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී සංචාරකයන් මිලියන 2.3 ක් ලංකාවේ සංචාරය කර තිබෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය
මෙය වාර්තාවක් බවත් මේ වසරේ ඉතිරි දින කීපය තුළ තවත් සංචාරකයන් පැමිණීමට නියමිතව තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයන් දිවයිනේ සතර දිග සංචාරයේ නිරත වන නිසා ඔවුන්ට අවශ්‍ය ආකාරයට ආරක්ෂාව හා පහසුකම් සැලසීම සිදුකරන බවද අමාත්‍යාංශයක් ලෙස සංචාරකයන්ට ආරක්ෂාව සැපයීමට මේ වසර තුළදී පොලීසියට රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදී තිබෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.