සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරුපැදි සහ බීච් රෝවර් රථ ලබාදීම වෙනුවෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (26දා) පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේදී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18ක්, සාමාන්‍ය යතුරු පැදි 02ක් සහ බීච් රෝවර් රථ 04ක් ලබාදීමද සිදුකෙරිණි.
එම රථවාහන පොලිස් රථවාහන කොට්ඨසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළොන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොළවලටත් බෙදාදෙන ලදී.
“සංචාරකයෙක් සංචාරයක් කරන්න රටක් තෝරා ගනිද්දි ඒ රටේදී සංචාරකයන්ට තියෙන ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව තමයි මොන රටේද සංචාරය කරන්නේ කියලා තීරණය කරන්නේ. සංචාරකයන්ට දෙන ආරක්ෂාව පිළිබඳ ඉහළ තක්සේරුවක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ආරක්ෂාව අපි තවත් තහවුරු කරන්න ඕන. විශේෂයෙනම සංචාරකයන් මෙරටට එන ප්‍රමාණය වර්ධනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ අපි තවත් මේ පිළිබඳ උනන්දුව දක්වලා තමයි සංචාරක පොලිස් කොට්ඨාසය දියුණු කරන්න පටන් ගත්තේ” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.
ඡායාරූප චානුක කුල ෙස්කර