සංගාගේ මහනුවර අවසන් තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර අද (13දා) මහනුවර පල්ලේකැලේ ක්රීඩාංගණයේ පැවැත්වෙන 6 වැනි එක්දින තරගය කුමාර සංගක්කාරගේ සිය උපන් ප්රදේශය වන මහනුවර ක්රීඩා කරන අවසන් තරගයවිය හැකි බව ක්රීඩා විචාරකයෝ පවසති.
එළැඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සංගා හා මහේල එක්දින පිටියෙන් සමුගන්නා බවට තොරතුරු වාර්තා වන අතර ඊට පෙර ඔවුන් දෙදෙනා ශ්රී ලංකාවේ ක්රීඩා කරන අවසන් තරග දෙක අද පැවැත්වෙන තරගයත් 16දා කොළඹදී පැවැත්වෙන තරගයත් වේ.
ඉන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයට එක්වේ. පසුව ලෝක කුසලානය පැවැත්වෙන හෙයින් ශ්රි ලංකා කණ්ඩායම මෙරටදි එක්දින තරගාවලියට එක්නොවේ.
ඒ හා බලන විට අද තරගය සංගා මහනුවර ක්රීඩා කරන අවසන් තරගය විය හැක.
කෙසේ වෙතත් මෙම තරගය නැරඹීම සඳහා විශාල ජනකායක් පල්ලේකැළේ ක්රීඩාංගණයට එක්වෙතැයි අනුමාන කළ හැකිය.
තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.00ට ආරම්භවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

