ශීඝ්‍රගාමී බස්රථ සේවාවක් මෙම වසරේදී ආරම්භ කරන බවත් ලංගම සහ දුම්රිය සේවය නවීකරණය විය යුතු බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට අද (10දා) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
එසේම පාර්ලිමේන්තු මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධියට තිබූ බස් ප්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පාලමේ යට කොටසේ සංවර්ධන කටයුතු නිම වූ වහාම ප්‍රමුඛතා මංතීරුව නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“සැහැල්ලූ දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු කිරීම මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. 2023 වනවිට අවසන් කර ඒ පිළිබඳ අලුත් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම වසරේදී අපි බස් ශීඝ්‍රගාමී ක්‍රියාවලිය සඳහාත් පියවර තබන්න අපි අදහස් කරනවා. ඒ වගේම ප්‍රමුඛත මංතීරු ක්‍රමය සියලු නගරවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි චම්පික රණවක පැවසීය.