ජාතික ශිෂ්‍ය භට බළකායේ නව අධ්යක්ෂ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා අද (18දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. හමුව ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
මේජර් ජෙනරල් චන්දන රාජගුරු මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, 1980 වසරේ කෙඩෙට් නිළධාරියෙක් ලෙස පුහුණුව ලබා උප ලුතිතන් වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට එක්විය.
නව තනතුරේ වැඩ බාරගත් මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතාට ජාතික ශිෂ්‍ය භට බළකායේ කටයුතු වඩාත් විධිමත් ලෙස කරගෙන යාම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබාදෙමින් සුභ ප්‍රාර්ථනා ද එක් කළේය.