ශිෂ්‍යන්ට අද ප්‍රශ්න නෑ
ශිෂ්‍යන්ට පහරදීම අනුමත නොකරන බවත් ශිෂ්‍ය ගැටලු පිළිබඳ කිසිම විශ්වවිද්‍යාල සිසුවෙකු තමාට පැමිණිලි කර නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
විශ්වවිද්‍යාල වලට සිසුල් ඇතුළත් කිරීමේ දී ඇතිව තිබෙන ගැටළු, සිසුන්ට පොලීසිය විසින් පහරදීම, ආදී විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු පිළිබඳව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍යවරයාගේ අවධනයට යොමු කළේ ය.
අද අපි ශිෂ්‍යයන්ගේ දීමනා වැඩි කරලා තියෙනවා, මේ අවුරුද්දේ නේවාසිකාගාර 16ක් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. තාක්ෂණික පීඨ 5ක් ඇති කරනවා. අපි ශිෂ්‍යයෝ 2000ක් ගන්නවා. ඇත්ත වශයෙන්ම අද ශිෂ්‍යන්ට ප්‍රශ්න නෑ. නමුත් අපි සූදානම් ඕනෙම වෙලාවක ශිෂ්‍යයන් එක්ක සාකච්ඡා කරන්න. ශිෂ්‍යන්ට පහරදීම අපි අනුමත කරන්නේ නෑ. අපි එකට සම්බන්ධ නෑ. නමුත් පොලිසිය ඒ වෙලාවේ හැටියට ආව පෙළපාලිය ගැන යම් පියවරක් ගත්තා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

