5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල ප්‍රශ්න පත්‍රයක් බවට පත්කරමින් ළමා ලෝකය විඳීමට දරුවන්ට ඉඩහසර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව වයස අවුරුදු 09 සිට 11 දක්වා සාධන මට්ටම, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පාසල් පෙළපොත් ගුරු අත්පොත් ආදිය පාදක කරගනිමින් පමණක් විභාග ප්‍රශ්න පත්‍රය සකස්කරන බවද ගුණවර්ධන මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ කළුබෝවිල රජමහා විහාරයේදී අද (17දා) පැවති උත්සවයකදීය.