මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව, 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළව අභියාචනා භාරගැනීම 2018-01-15 දින සිට 2018-02-15 දක්වා සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සඳහා වන අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, විධිමත්ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයඳුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අධ්යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු බව එම අමාත්‍යාංශය පවසයි.