ශ්රී ලාංකිකයන් තිදෙනා බේරා දෙන්න
සෞදි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වූ ශ්රී ලාංකිකයන් තිදෙනෙකු බේරා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීහු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලාසිටිති.
නිලන්ත බණ්ඩාර තෙන්නකෝන්, ගයාන් උජිත නානායක්කාර හා ක්රිස්ටි වෙදමානික්කම් යන අය මෙලෙස සෞදි අරාබියේ අධිකරණයකින් මරණ දඬුවම නියම වී සිටින්නේයේමන ජාතිකයකු මරාදැමීමේ චෝදනාවටයි.
මොවුන් මහව, රාගම හා දෙහිවල ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
ජෙඩාහි තානාපති කාර්යාලය මගින් දැනුම්දී ඇති පරිදි විදේශ අමාත්යංශයේකොන්සියුලර් අංශයෙන් 2008 ජනවාරි 31 වැනිදා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ජෙඩාහිදී මරණයට පත්කළ යේමන් ජාතික ඔමාර් යෙස්ලම්ගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින තිදෙනාට වන්දි ගෙවා සමාව ලබා නීමට හැකි බවයි.
එම වන්දිය ගෙවීමට පෞද්ගලිකව නොහැකි නම් දානපතියෙකු හෝ ස්වේච්ඡා සංවිධානයක් මාර්ගයෙන් කළ හැකිද යන්න දන්වන ලෙසද ඔවුන් දන්වා ඇත.
කෙසේහෝ පෙබරවාරි මස පළමුවැනිදා මරණ දඬුවමට නියම වී සිටින මෙම ශ්රීලාංකිකයන් තිදෙනා කෙසේ හෝ නිදහස් කරදෙන ලෙස ඥාතීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

