2015 මාර්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයන් 31,000 කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්.නිහාල් රණසිංහ මහතා පවසයි.
විදේශ රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්රී ලාංකිකයන්ට ශ්රීලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව 2015 වසරේදී ආරම්භ කළේය.
මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා දරුවන් සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් ගාස්තු ගෙවිය යුතු වෙයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි.