නීතිවිරෝධී ක්‍රම භාවිත කර ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර තිබේ. අද (14දා) උදෑසන ඔවුහු ශ්‍රී ලංකාවට ළඟා වූහ. ඕස්ට්‍රේලියාට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට පිටත් කර එවා තිබේ.