සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා අද (05දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයකි.
මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර හොඳ ව්‍යාපාරික සබඳතාවක් මේ වන විට පවතින බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ තවදුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට එවන බවත්ය.
විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, සංස්කෘතික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය ජනාධිපතිගේ ඇගයීමට ලක් විය.