ශ්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද (03දා) උදෑසන ආරම්භ කෙරිණ.
බොරලැස්ගමුව වැව අවට ප්‍රදේශය විධිමත්ව සංවර්ධනය කිරීම සහ එහි ප්රතිලාභ ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයන්ට ලබාදීම මූලික අරමුණ ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
නාවික හමුදාවේ දායකත්වය ඇතිව ආරම්භ වන කටයුතු දින 30කින් සම්පූර්ණ කෙරෙයි. ඉන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තාක්ෂණික සහ මෙහෙයවීම් දායකත්වය ඇතිව වැව වටා කි.මී. 2.5 ක ප්‍රදේශයක් ඇවිදින මංතීරුවක් බවට පත්කිරීමත්, සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක්, ජාතික තරුණ සේවා සභාවේ ඉල්ලීම මත එළිමහන් රංගපීඨයක් අවිධිමත්ව බැහැර කරන අපජලය විධිමත් අන්දමින් බැහැර කිරීමේ ක්‍රමවේදයක්, මධ්‍ය දූපත් ති‍්‍රත්වය සංචාරක ආකර්ෂණය ගත හැකි දූපත් බවට පත්කිරීම සහ වැව් ඉවුර මත පිහිටි වැව පාර විධිමත් මාර්ග පද්ධතියක් සහ පදික මංතීරුවක් සහිතව සංවර්ධනය කිරීම සිදුකෙරේ.