වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් පත් කළ කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රියාවට නැංවීමට සුදුසු විශේෂඥ උපදේශකයෙකුගේ සේවය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, පොලිස් සේවය ප්‍රතිසංවිධානය සම්බන්ෂයෙන් හසළ පළපුරුද්දක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් හියු ඕඩ් එමහතාගේ සේවය ලබාගැනීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.