ශ්‍රී ලංකාව තුළ මුතු බෙල්ලන් වගාව මිරිදිය හා කරදිය ආශ්‍රිතව ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත නාරා ආයතනය විසින් මුතු වගාව නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර නව තාක්ෂණය හරහා එය දියත් කළේය.
විශේෂයෙන් කඹ විශේෂයක් උපයෝගී කරගනිමින් ඒ ඔස්සේ බෙල්ලන්ගේ බිත්තර එල්ලා ඒ තුළ මුතු බෙල්ලන් වැඩීමට ඉඩ සැලසෙන පරිදි මුතු නිපදවීම මේ හරහා සිදුවෙයි.
අතීතයේදී ශ්‍රී ලංකාවේ මුතු සම්පත පිළිබඳව ලෝකය පුරා වැඩි අවධානයක් යොමුව තිබුණි.
එසේම ශ්‍රී ලංකාවේ මුතු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පැවතුනත්, පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මුතු වගාව මුළුමනින්ම අඩපණ වී තිබේ.
හලාවත සිට සිලාවතුර දක්වා මුහුදු කලාපයේ මුතු බෙල්ලන් සඳහා ඉතාමත් ප්‍රචලිතව තිබුණද විවිධ ස්වාභාවික හේතුන් නිසා (ගංවතුර, සුනාමි, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පරිසර සාධක) හේතුවෙන් මුතු බෙල්ලන් වර්ධනය වීම ඇනහිට තිබේ.
ශ්‍රී ලංකාවේ මුතුවලට ආසියාවේ තිබූ වෙළෙඳ පොළ අහිමි වූ අතර, එය බංග්ලාදේශය, පාකිස්තානය, චීනය හා ඉන්දියාව වැනි රටවල් හිමිකරගෙන තිබේ.
වර්තමානයේ මුතු අපනයනයෙන් වැඩිම ආදායමක් උපයන රට වන්නේ පාකිස්තානයයි. පාකිස්තානය වාර්ෂිකව ඩොලර් මිලියන 6700ක් මුතුවගාවෙන් උපයයි. ඉන්දියාව ද වාර්ෂිකව ඩොලර් මිලියන 150ක මුදලක් උපයයි.