2015 වසර හා සැසඳීමේදී ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තිබේ. 2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාවෙන් මේ බව හෙළිවෙයි. 2015 වසරේදී ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.8ක අගයක පැවැති අතර 2015 වසරේදී එය සියයට 4.4ක් දක්වා අඩුවී තිබේ.
එසේම 2010 සිට 2016 වසර දක්වා කාලයේදී ශ්රී ලංකා ආර්ථිකයේ අඩුව වර්ධන වේගයක් පෙන්වූ දෙවැනි වසරද මෙය වෙයි. 2013 වසරේදී එම කාල සීමාවේ අවම ආර්ථික වර්ධන වේගය පෙන්වයි. එය සියයට 3.4කි.
ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2010 සිට
2010 - 8.0%
2011- 8.4%
2012 - 9.1%
2013 - 3.4%
2014 - 5.0%
2015 - 4.8%
2016 - 4.4%