කලින් සඳහන් කළ නොහැකි ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට පරිස්සම් වන ලෙස ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සංචාරයකයන්ට උපදෙස් ලබා දී ඇත.
කරුණු 10කින් යුක්තව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුව, කලින් නොදන්වා මාර්ග වසාතැබීම් සිදුවිය හැකි බවත්, විශාල වශයෙන් ජනයා ගැවසෙන් තැන්හි සැරිසැරීමෙන් වළකින ලෙසත් දන්වා තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ පැතිවල ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග දැකිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන සියලු සංචාරකයන් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචිවන ලෙසද අදාළ උපදෙස් මාලවේ සඳහන් වෙයි.