ශ්‍රී ලංකාවට නියම වෙනසක් සඳහා අවස්ථාවක් පවතින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පැවසීය.
අද (02දා) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වැනි සැසිවාරය අමතමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද හරහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා පවත්වමින් යන බවයි.
පසුගිය රජයට කළ නොහැකි වූ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීම සඳහා වන දේශීය පරීක්ෂණයට අදාළ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා සකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවත්, නව රජය පත්වී දින 48 ක් ඇතුළත බොහෝ දෑ සිදුකළ නමුත් ඉදිරියට පැනීමට කඩුලු පවතින බවද ඔහු කීවේය.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තබන ලෙසත්, ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ අත් ශක්තිමත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
අද ආරම්භ වූ 28 වැනි මානව හිමිකම් කොමිසමේ සැසිවාරය 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.